- කැරට්
- තෙල් ටිකක්
- කපා ගත් සුදුලුනු ටිකක්
- හිනියට කපා ගත් ලුනු ටිකක්
- කරපිංචා ටිකක්
- කහ ටිකක්
- ගම්මිරිස් කුඩු ටිකක්
- රස අනුව ලුණු
- ගා ගත් පොල් ටිකක්
සකස් කරන ආකාරය:
- මුලින් කැරට් හිනියට දිග අතට කපා ගන්න.
- දැන් භාජනයක් ලිපේ තියලා එකට තෙල් ටිකක් දමා රත් වු පසු එයට සුදුරු ටිකක් හා අබ ඇට ටිකක් දමා ගන්න.
- දැන් එයට කපා ගත් සුදුලුනු ටිකක් /හිනියට කපා ගත් ලුනු ටිකක් /කරපිංචා ටිකක් දමා බැදෙන්නට හරින්න.
- පසු එයට කහ ටිකක් /ගම්මිරිස් කුඩු ටිකක් හා රස අනුව ලුණු දමා හොදින් මිශ්ර කරන්න.
- මෙයටම ගා ගත් පොල් ටිකක් දමා ගෙන හොදින් කලවම් කරන්න.
- දැන් හිනියට කපා ගත් කැරට් ටික දමා හොදින් බැදෙන්නට හරින්න.ගින්දර අඩු කර ගෙන බැදෙන්නට හරින්න.
- පසු කැරට් ටික හොදින් මැලවුනාට පසු ලිප නිවන්න.