About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

ප්‍රයිඩ් රයිස් - Fried rice

අවශ්‍ය දෙවල්: බේරි නොකර උයා ගත් බත් කොප්ප 3 (ඔයාලාට අවශ්‍ය පමණ ගන්න) කොටු කපා ගත්ත සමාන්‍ය සයිස් කැරට…
ප්‍රයිඩ් රයිස් - Fried rice

අවශ්‍ය දෙවල්:

  • බේරි නොකර උයා ගත් බත් කොප්ප 3 (ඔයාලාට අවශ්‍ය පමණ ගන්න)
  • කොටු කපා ගත්ත සමාන්‍ය සයිස් කැරට් ගෙඩි 1
  • පොඩියට කපා ගත්ත බෝන්චි කරල් 7 - 8
  • කොටු කපා ගත්ත තක්කාලි ගෙඩි 2-3
  • පොඩියට කපා ගත්ත ලුනු ගෙඩි 1
  • පොඩියට කපා ගත්ත ලුනු කොල ටිකක්
  • ඉගුරු සුදුලුනු පේස්ට් තේහැදි 1
  • රස අනුව ලුණු
  • ගම්මිරිස් කුඩු ටිකක්
  • කහ කුඩු ටිකක්
  • අවශ්‍ය නම් බැද ගත් මස් ටිකක්.

සාදා ගන්නා අයුරු:

මුලින් බත් බේරි නොකර උයා ගන්න.පසු භාජනයක් ලිප තියා එකට තෙල් ටිකක් දමා රත් වුනාට පසු ඉගුරු සුදුලුනු පේස්ට් එක දමා රන්වන් පාට වනතුරු බැද ගන්න.පසු කපා ගත්ත ලුනු ටිකත් එක් කර හොදින් රන්වන් පාට වනතුරු බැද ගන්න.පසු එකට කපා ගත්ත කැරට් බෝන්චි ටික එක් කර ගන්න.
පසු එකට රස අනුව ලුණු කහ ටිකක් හා ගම්මිරිස් කුඩු එක් කර හොදින් මිශ්‍ර කර ගන්න.පසු තක්කාලි ටිකද එක් කර ටික වේලාවක් තියන්න. පසු කැමති නම් බැදපු මස් එක් කර ගන්න. අන්තිමට බත් ටික එක් කර හොදින් කලවම් කරන අතර කපා ගත්ත ලුනු කොල ටිකද එක් කර ගන්න.




කතෘ: Kanchana Joseph මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment