About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chicken Lemon Rice - චිකන් ලෙමන් රයිස්

අවශ්‍ය දෙවල්: සම්බා බත් 500g ඔලිව් මේස හැදී 1 කහ ලුණු ඔලිව් මේස හැදී 01 තලාගත් සුදු ළුණු වියලි මිදී ග්‍රී…
Chicken Lemon Rice - චිකන් ලෙමන් රයිස්

අවශ්‍ය දෙවල්:
  • සම්බා බත් 500g
  • ඔලිව් මේස හැදී 1
  • කහ
  • ලුණු
  • ඔලිව් මේස හැදී 01
  • තලාගත් සුදු ළුණු
  • වියලි මිදී
  • ග්‍රීන් පීස් පොඩ්ඩක්
  • බිත්තර 03

සාදා ගන්නා අයුරු:
  • මුලින්ම බත ලිපේ තියන්න කහ චුට්ටක්, ලුණු, ඔලිව් මේස හැදී 1 සමගින්...
  • බත හැදුනම වෙනම පෑන් එකකට ඔලිව් මේස හැදී 1 කට තලාගත් සුදු ළුණු,
  • වියලි මිදී, ග්‍රීන් පීස් පොඩ්ඩක් දාලා බැදගන්න..
  • ඒ ටික පොඩ්ඩක් ඒ පෑන් එකේම පැත්තකට අයින් කරලා බිත්තර 3 කඩලා දාලා
  • ඒ සියල්ල බත් සමග කලවම් කරගන්න...
  • කන් එකට ගත්තේ ග්රෑම් 425 ක බ්‍රෙස්ට් එකක්..
  • පොඩි කොටස් වලට කපලා එයට සෝයා සෝස් තේ හැදී 1, රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු පොඩ්ඩක්, බිත්තර 1 දාලා හොදින් කලවම් කරන්න
  • දැන් එයට කෝන් පිටි මේස හැදී 3 එකතුකරලා හොදින් දවටන්න...දැන් මෙය ගැඹුරු තෙලේ බැද තෙල් බේරෙන්න තියන්න...
  • දැන් ලෙමන් සෝස් එක හදන්න ගමු...
  • මුලින්ම සුදුසු බාජනයක් ලිපේ තියල එයට ඔලිව් තෙල් මේස හැදී 2 එකතු කරන්න...
  • තලාගත් සුදු ළුණු ටිකක් එකතුකරලා බැදෙන්න හැරලා එයට චිකන් ස්ටොක් කෝප්ප 1 (ක්නොර් සුප් කෝප්ප 1)
  • ඔයාලට පුළුවන් සුප් කැටයක් උණු වතුරේ දියකරල ගන්න.
  • එයට ලෙමන් යුෂ කෝප්ප 1/4 .සිනි තේ හැදී 2, කැමතිනම් 3, හා ලෙමන් පෙති 2 එකතු කරලා පොඩි වෙලාවක් තියන්න...
  • දැන් එයට කෝන් පිටි තේ හැදී 1 වතුර පොඩ්ඩක දියකරලා එකතු කර විස්ක් එකක් මගන් හෝ හැන්දක් මගින් කැටි නොගැසෙන්න සෝස් එක හදාගන්න...
  • රස බලා..ලිප නිවල.... දැන් එයට චිකන් එකතු කරන්න.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment