About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Butter Vegetables Rice and Chinese Devilled Chicken - බටර් මිශ්‍ර එලවළු බත හා චින ක්‍රමයට කුකුල් මස් ඩෙවල් එක

චින ක්‍රමයට කුකුල් මස් ඩෙවල් එක සාදාගන්නා ආකාරය: කුකුල් මස් පොඩි කෑලි කපාගන්න. බාජනේකට වතුර කොප්පයක්…
Butter Vegetables Rice and Chinese Devilled Chicken - බටර් මිශ්‍ර එලවළු බත හා චින ක්‍රමයට කුකුල් මස් ඩෙවල් එක

චින ක්‍රමයට කුකුල් මස් ඩෙවල් එක සාදාගන්නා ආකාරය:
  • කුකුල් මස් පොඩි කෑලි කපාගන්න. බාජනේකට වතුර කොප්පයක් දන්න (කුකුල් මස් ප්‍රමානේ වැඩිනම් වතුර වැඩිකරන්න. කුකුල් මස් වැහෙන ගානට වතුර ඕනේ.) එයටම විනාකිරි මේස හැදි 4ක් 5ක්, සිනි හැදි 2ක්, ලුනු ටිකක් දාල කලවම් කරලා ඒකට කුකුල් මස් ටික දාලා පැය 2ක් පැත්තකින් තියන්න.
    පැය දෙකෙන් පස්සෙ ඒකට තෙල් හැන්දක්, ගම්මිරිස් හැදි දෙකක් දලා තව විනඩි 10ක් තියන්න.
    ඊට පස්සෙ එකට කෝර්න්ෆ්ලවර් කෝප්ප බාගයක්, පිටි කෝප්පයක්, බේකින්ග් පව්ඩර් හැදි දෙකක් දාල හොදට කවලම් කරන්න. එතකොට එක බටර් එකක් වගේ එනවා.
  • තෙල් රත්කරලා බැදගන්න කුකුල් මස් ටික බාගෙට. පස්සෙ ඒටික පැත්තකින් තියන්න විනඩි 10ක්.
  • ඊට පස්සෙ අයේ බැදගන්න ඒටික පත්තකින් තියල, බෙල් පෙපර්, තක්කලි, ලූනු කොටු කපන්න සුදුලූනුත් ඕනේනම්. තෙල් ටිකක් බාජනේට දාල එකට එලවළු ටික දාන්න.
  • ඒකටම සෝයා-සෝස් කොප්ප කාලක් කෝර්න්ෆ්ලවර් මේස හැදි 2ක් වතුර ටිකක් දාල හොදට කවලම් කරන්න එතකොට උකු කරි එකක් එනවා. ඒකටම තක්කාලි සෝස් දාල කුකුල් මස් ටිකත් දාල හොදට කවලම් කරන්න. එලවළු දානකොට "chicken cube" එකකුත් දාන්න.

බටර් මිශ්‍ර එලවළු බත සාදාගන්නා ආකාරය:
  • බත් එක හදලා පැය කිහිපයක් තියන්න ඔනෙ ෆ්‍රිජ් එකේ. පස්සෙ කැරට්, බෝන්චි, ග්‍රීන්පීස්, කෝර්න් කපාගන්න. බාජනේකට තෙල් හැන්දක් දාලා ඒකටම බටර් හැදි දෙකක් දාන්න. ඒකට එලවළු දාන්න, Chicken Cube එකක් දාන්න, ගම්මිරිස් කුඩු දාන්න ටිකක්. හොදට කවලම් කරලා විනඩි 3ක් විතර තියලා එකට බත් ටික දාලා කලවම් කරන්න. කැමතිනම් බිත්තර දාන්න.

ලිපිය ලිව්වේ: Tharu Zoysa මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment