About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chicken Biryani - චිකන් බුරියානි

සාදා ගන්නා අයුරු: ඉස්සෙල්ලම ගන්නකෝ කුකුලෙක්. පස්සේ කුකුලගේ කකුල් දෙක වෙනම කපා ගත්තා. මස් ටික පොඩි පො…
Chicken Biryani - චිකන් බුරියානි

සාදා ගන්නා අයුරු:
  • ඉස්සෙල්ලම ගන්නකෝ කුකුලෙක්. පස්සේ කුකුලගේ කකුල් දෙක වෙනම කපා ගත්තා. මස් ටික පොඩි පොඩි කෑලි වලට කපාලා හොදට හෝදගන්න.
  • දැන් මස් ටිකට මිරිස්කුඩු, ලුනු,ගම්මිරිස් කුඩු, කහ,ගරම්මසාලා,මුදවපු කිරි, තක්කාලි පේස්ට්, බිරියානි මික්ස්(Shan Biryani mix එක තිබුනෙ නෑ. වෙන එකක් ගත්තේ ඒකේ පේස්ට් එකක් තිබ්බේ. බෝතලේ නම් තිබ්බේ බත් එකට දාන්න කියලා ඒත් මම මස් ටිකට කවලම් කරා.), මේ ඔක්කොම දාලා දෙහි ටිකකුත් දාලා හොදට සීසන් වෙන්න තිබ්බා.
  • ඒ අතරේ ග්‍ර්‍ර්‍රීන් පීස් ටිකත් පෙගෙන්න දැම්මා.
  • හාල ටික පෙගෙන්න දැම්ම. ඒ අතරේ සුදු ලූනු,රම්පේ,කරපිංචා,රතු ලූනු කපලා තෙල් පොඩ්ඩ්කට දාලා බැද ගත්තා. ඒකට මස් ටිකත් දැම්මා.
  • දැන් මස් ටික තෙලෙන් තැම්බෙනවා.
  • කුකුලගේ කකුල් දෙක කහ ලුනු ගම්මිරිස් දාලා තම්බගන්නවා. ඒ වතුර ටිකත් අර මස් ටිකට දාලා තෙලෙන් තැම්බෙන්න තියන්න.
  • දැන් බි-ලූනු හීනියට ලියලා ගැබුරු තෙලෙ බැද ගන්න. ඊට පස්සේ අර කුකුල් කකුල් දෙකත් බැද ගන්නකෝ.
  • දැන් හාල්,ග්‍ර්‍රීන් පීස් එකට දාලා වතුර අඩුවෙන් දාලා බත් එක උයා ගන්න. බත ඉදීගෙන එනකොට මම බටර් කෑලලකුත් දැම්මා.
  • ඊට පස්සේ ලොකු රයිස් කුකර් එක අරන් ඒකට උදුනු බත්, මස්,බත් ,මස් තට්ටුවෙන් තට්ටුව දාගන්න. දැන් පොල් කිරි ටිකකට කහ පොඩ්ඩක් දිය කරලා උඩින් ඉහ ගන්න. ආයෙත් බත් එක උයා ගන්න.
  • ඊට පස්සේ මිදි, කජු දාලා බත් එක හොදින් කවලම් කරන්න.
  • දැන් බත් එක බෙදලා අපි බැදගත්තු ලූනු උඩින් ඉහලා සරස ගන්න. දැන් කුකුල් කකුලක් තියන්න බත් එක උඩින්. මම බිරියානි හැදුවෙ නම් මෙහෙම තමා. Step වැඩි ඇති. කැමති විදියට වෙනස් කර ගන්න.
ලිපිය ලිව්වේ:Hasitha Dissanayaka මහත්මිය
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment