About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kiri Aguna with Kunisso - කිරි අඟුණයි කුනිස්සොයි එකට දාලා උයමු.

කිරි අඟුණ මැල්ලුම් නම් ඔයාලා කාලා ඇතිනේ. කිරි අඟුණ කියන්නෙ මැල්ලුම් හදන්න ගන්න ජනප්‍රිය පලා වර්ගයක්…
Kiri Aguna with Kunisso - කිරි අඟුණයි කුනිස්සොයි එකට දාලා උයමු.
කිරි අඟුණ මැල්ලුම් නම් ඔයාලා කාලා ඇතිනේ. කිරි අඟුණ කියන්නෙ මැල්ලුම් හදන්න ගන්න ජනප්‍රිය පලා වර්ගයක්. ඉතින් මේ කියලා දෙන්න යන්නෙ කිරි අඟුණයි කුනිස්සොයි එකට දාලා රසම රස කෑමක් හදන විදිහ. බලන්නකෝ එහෙනම්...

අවශ්‍ය දේවල්:
  • කිරි අඟුණ කොළ
  • කුනිස්සෝ ග්‍රෑම් 50 ක්
  • ලුණු
  • කැබලි මිරිස්
  • දිය කිරි කෝප්පයක්
  • සුදු ළුණු බික් දෙකක් (පලා ගන්න)
  • කපාගත් රතු ළුණු

සාදාගන්නේ ආකාරය:
  • කිරි අඟුණ කොළ කඩාගන්න. කපාගන්නත් පුළුවන්. එත් වඩා හොඳයි අතින් කොටස් වශයෙන් කඩාගන්නව නම්.
  • පොලි කිරි ටික ලිපේ තියල ඒකට මේ කිරි අඟුණ කොළ ටික එකතු කරන්න. රතුළුනු, සුදු ළුනු වගේම කෑලි මිරිසුත් ලුණුත් දාල ටිකක් හැඳි ගාන්න.
  • කොළ ටික මැලවෙද්දී කුනිස්සෝ ටික එකතු කරන්න. හැඳි ගාමින් ම මේක කරනවානම් වඩා හොඳයි.
  • කුනිස්සෝ ටික අඟුණ කොලත් එක්ක මිශ්‍ර කලාට පස්සේ පියනකින් වහල ඉදෙන්න අරින්න. ඔච්චරයි!
 
මේ කිරි අඟුණ පොටෝ එක ගත්තේ අපේ ඔසුපැල බ්ලොග් අඩවියෙන්.











මේ ලිපිය උපුටා ගැනීමක්. උපුටා ගත්තේ goodhousekeeping.lk වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment