අවශ්‍ය දේවල්:
- සාමාන්‍ය ප්‍රමාණයේ කොටු හැඩයට කපා ගත් ලොකු කැරට් අල 1
- සාමාන්‍ය ප්‍රමාණයේ කොටු හැඩයට කපා ගත් ලොකු අර්තාපල් අල 1
- කෑලි වලට කඩා ගත් බෝංචි කරල් 15 - 20 ක් පමණ
- තම්බා ගත් ග්‍රීන් පීස් ඇට මිටක් පමණ
- කපා ගත් තක්කාලි ගෙඩි 1
- මිරිස් කුඩු තේ හැදි ½ ක් පමණ (අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කර ගන්න.)
- කහ කුඩු ස්වල්පයක්
- ගරම් මසාලා කුඩු තේ හැදි ½ ක් පමණ
- ලුණු (රස අනුව)
- සිහින්ව ලියා ගත් රතු ලූණු ගෙඩි 7 - 8ක් පමණ
- කපා ගත් අමු මිරිස් කරල් 1 - 2ක් පමණ
- ඉඟුරු සුදුලූණු පේස්ට් තේ හැදි 1
- රම්පේ
- කරපිංචා
- මිටි කිරි අඬු කෝප්ප ½ ක් පමණ
- දිය කිරි අඬු කෝප්ප ¾ ක් පමණ
- අබ ඇට ස්වල්පයක්
- තෙල් මේස හැදි 2 - 3ක්
- කුරුඳු පොතු කැබැල්ලක්
- කරාබු නැටි 1 - 2ක්
- තලා ගත් කරදමුංගු (එනසාල්) ඇට 1 - 2ක්
සාදා ගන්නා ආකාරය:
- මුලින්ම කැරට්, අර්තාපල් අල, බෝංචි සහ ග්‍රීන් පීස් ටික භාජනේකට දාලා ඒකටම මිරිස් කුඩුයි, කහ කුඩුයි, ගරම් මසාලා කුඩුයි දාලා හොදට අත ගා ගෙන කලවම් කරන්න.
- දැන් ඇතිලියක් සාමාන්‍ය ගින්දරේ ලිපේ තියලා තෙල් ටික දා ගන්න.
- තෙල් රත් වුණාට පස්සේ අබ ඇට ටික දා ගෙන අබ පුපුර ගන්න ඕනේ.
- අබ පිපිරුවට පස්සේ කුරුඳු පොත්ත, කරාබු නැටි, කරදමුංගු(එනසාල්), රම්පේ, කරපිංචා දාලා ටිකක් බැදෙන්න දෙන්න.
- පස්සේ ඉඟුරු සුදුලූණු පේස්ට් එකත් එක්ක ලියා ගත්ත රතු ලූණුයි, අමු මිරිසුයි දා ගෙන ලූණු ටික මෘදු වෙනකම් තෙම්පරාදු කර ගන්න.
- ඒකටම තක්කලි ටිකත් එකතු කරලා විනාඩි 2 - 3ක් වතුර ගතිය ටිකක් හිදිලා අඩු වෙනකන් උයා ගන්න.
- ඊට පස්සේ ගින්දර අඩු කරලා ඒකටම පහේ අත ගා ගත්ත එළවළු ටික දාලා හොදට කලවම් කරන් තවත් විනාඩි 3 - 4ක් පියනකින් වහ ගෙන උයා ගන්න.
- දැන් දිය කිරි දාලා සැරින් සැරේ හැදි ගාන ගමන් පියනකින් වහ ගෙන කිරි හිදිලා එළවළු ටික තැම්බෙනකන්ම උයා ගන්න ඕනේ.
- ඊට පස්සේ ඒකටම මිටි කිරි ටික දාලා නටන කොට රස අනුව ලුණු එකතු කරන්න.
- අන්තිමට හොද්ද අවශ්‍ය ගානට බස්ස ගෙන ලිපෙන් බා ගන්න.
වැදගත්:
- කැමති නම් උම්බලකඩ ටිකකුත් එකතු කරන්න පුළුවන්.
- ගරම් මසාලා කුඩු ඔයාලට ගෙදරදීම හදාගන්න විදිහ ඔයාලට අපි ඉවුම් පිහුම් ඇප් එකේ කලින් කියලා දුන්නනේ. ඒ ලිපිය කියවපු නැති අය අපේ මේ ඉවුම් පිහුම් ඇප් එකේ "අපි දැනගත යුතු දේවල්" කියන කොටසේ තියෙන "ගරම් මසාලා පවුඩර්" කියන ලිපිය පොඩ්ඩක් බලන්නකෝ.. ගරම් මසාලා කුඩු කඩේ ගන්නත් තියෙනවා.
මේ තියෙන්නෙ ගත්ත එළවළු ටික.
ඉතින් ඔය ඔක්කොම දේවල් දාලා හදාගත්ත අපේ රසම රස මිශ්‍ර එළවළු ව්‍යාංජනය තමයි මේ.
ලිපිය ලියන්න කරුණු ටිකක ලබාගත්තා ranjusrecipebox.wordpress.com වෙබ් අඩවියෙනුත්.