About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kithul Piti Thalapa - කිතුල් පිටි තලප

මධූ කියලා යාලුවෙක් අපෙන් අහලා එවලා තිබුණා කිතුල් පිටි වලින් හදන කෑම ටිකක් කියලා දෙන්න කියලා. මීට කල…
Kithul Piti Thalapa - කිතුල් පිටි තලප
මධූ කියලා යාලුවෙක් අපෙන් අහලා එවලා තිබුණා කිතුල් පිටි වලින් හදන කෑම ටිකක් කියලා දෙන්න කියලා. මීට කලිනුත් අපි කිතුල් පිටි වලින් හදන එක එක කෑමනම් කියලා දීලා තියෙනවා, ඔන්න අද අලුත් කෑමක්. මේවට කියන්නෙ "කිතුල් පිටි තලප" කියලා. තලප කිව්වට මේවා කන්නෙනම් කුරක්කන් තලප කනවා වගේනම් නෙමේ, මේවා කෑලි කපලයි කන්නෙ.

කිතුල් පිටි තලප හදන්න ගන්න කිතුල් පිටි ගන්නෙ කිතුල් බඩයෙන්. කිතුල් ගහේ බඩය අරගෙන වේලලා, වංගෙඩියේ දාලා කොටලා, වතුරේ දාලා තලප කරලා, ඒක පෙරලා ඉතිරි වන කොටස වේලලා, පිටි කරනවා. මෙහෙම ගන්න කිතුල් පිටි ලා රෝස පැහැයක් ගන්නවා. ඔයාලට කඩෙන් කිතුල් පිටි ගන්න පුලුවන්. ඒක තමයි ලේසිම ක්‍රමේ.



අවශ්‍ය දේවල්:
  • කිතුල් පිටි 250g
  • සීනි 125g (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • උකු පොල් කිරි 400ml
  • ලුණු ස්වල්පයක් (රස අනුව)

සාදා ගන්නා ආකාරය :
  • මුලින්ම භාජනයකට කිතුල් පිටි දාලා ඒකටම සීනි ටිකයි ලුණු ටිකයි දා ගෙන හොදට කලවම් කරන්න ඕනේ.
  • පස්සේ පොල් කිරි ටික එකතු කරන්, සීනි සම්පූර්ණයෙන්ම දිය වෙලා, කිතුල් පිටි කැටි හිටින්නේ නැති වෙන්න හොදට කලවම් කර ගෙන පොඩ්ඩකට පැත්තකින් තියන්න.
  • දැන් කිතුල් පිටි තලප තුනී කර ගන්න පුළුවන් විදියේ තැටියක් අරන් බටර් ටිකක් එහෙම ගාලා ලෑස්ති කර ගෙන පැත්තකින් තියා ගන්න ඕන වෙනකන්.
  • ඊට පස්සේ සාමාන්‍ය ගින්දරේ මිශ්‍රණය ලිපේ තියලා නොනවත්වාම හැදි ගාන ගමන් රත් කරන්න ගන්න.
  • ඊළඟට මිශ්‍රණය උකු වී ගෙන එනකොට ලිපේ ගින්දර අඩු කරලා මිශ්‍රණය එක ගුලියට එනකන් දිගටම හැදි ගා ගෙන ලිපෙන් බාලා කලින් ලෑස්ති කර ගත්ත තැටියට දාලා තුනී කර ගන්න.
  • අන්තිමට ටිකක් නිවෙන්න තියලා කෑලි කපන්න.

වැදගත්:
  • අඩිය අල්ලන්න පුළුවන් නිසා දිගටම නොනවත්වාම හැදි ගා ගන්න ඕනේ.
  • කිරියා වල වගේ පොඩ්ඩක් ඇලෙන ගතිය තියෙනවා, ඒ තමයි හරි පදම.
  • සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි 10 - 12ක් විතර කපා ගන්න පුළුවන් මේ ප්‍රමාණ වලින් අරන් හැදුවහම.
  • බැදගෙන කුඩු කර ගත්ත මුං පියලිත් සමහරු කිතුල් පිටි තලප හදනකොට දානවා.

 මේ තියෙන්නෙ කඩේ ගන්න තියෙන කිතුල් පිටි පැකට් එකක්.







wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment