About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Anchovies Stir Fry - හාල්මැස්සෝ බැදුම

හාල්මැස්සො බැදුමක් හදාගන්න විදිහ තමයි ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ. ගොඩක් අය දන්නවනේ හාල්මැස්සො බැදු…
Anchovies Stir Fry - හාල්මැස්සෝ බැදුම
හාල්මැස්සො බැදුමක් හදාගන්න විදිහ තමයි ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ. ගොඩක් අය දන්නවනේ හාල්මැස්සො බැදුමක්නම් හදාගන්න නේද. මේක මේ අපේ මුළුතැන්ගේ පැත්තට අලුත් නෝනා මහත්වරුන්ට තමයි. හාල්මැස්සෝ බැදුමක් හදනකොට ගොඩක් අය තක්කාලි දානවනේ රස වැඩිවෙන්න  කියලා. නමුත් මේ දවස්වල මතයක් තියෙනවානෙ හාල්මැස්සො බැදුමට තක්කාලි දාන්න හොද නෑ කියලා. හාල්මැස්සන්ගෙ තියෙන කැල්සියමුයි, තක්කාලි වල තියෙන ආම්ලික ගතියයි එකට එකතු උනහම හොද නෑ කියලා තමයි කියන්නෙ. ඉතින් තක්කාලි දාන නොදාන එක ඔයාලගෙ කැමැත්තක් ඕන්.


අවශ්‍ය දේවල්:
  • වියළි හාල්මැස්සන් 150g
  • සාමාන්‍ය ප්‍රමාණයේ අර්තාපල් ගෙඩි 1
  • සාමාන්‍ය ප්‍රමාණයේ රට ලූණු ගෙඩි 1 ½ - 2ක් පමණ
  • අමු මිරිස් කරල 2 - 3ක්
  • රම්පේ
  • කරපිංචා
  • ලුණු (රස අනුව)
  • කහ කුඩු ස්වල්පයක්
  • කෑලි මිරිස් (රස අනුව)
  • පොල්තෙල් (බැදීමට අවශ්‍ය ප්‍රමාණයට)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම හාල්මැස්සෝ ටික සුද්ද කර ගෙන හොදට සෝද ගන්න.
  • පස්සේ රට ලූණු හීනියට ලියා ගෙන, අමු මිරිස් ටිකයි, අල ටිකයි පොඩියට කපා ගන්න ඕනේ.
  • ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා තෙල් දා ගෙන රත් වෙන්න තියන්න.
  • තෙල් රත් වුණාට පස්සේ හාල්මැස්සෝ ටික රන්වන් පාටට ගැඹුරු තෙලේ බැද ගෙන තෙල් බේරෙන්න පැත්තකින් තියා ගන්න. (තෙල් ගොඩක් දාන්න එපා, හාල්මැස්සෝ ටික ටික අරන් දෙතුන් පාරකට බැද ගන්න.)
  • ඊළඟට එකටම රම්පේ, කරපිංචා, කපා ගත්ත අල එහෙම දාලා අල තෙලෙන් තැම්බෙන්න අරින්න.
  • ඒ අතරතුරේ ලියා ගත්ත ලූණු වලට කහ කුඩු දාලා අත ගා ගන්න.
  • අල ටික සාමාන්‍ය ගානකට තැම්බුනාට පස්සේ ඒකටම රට ලූණු ටික දාලා කලවම් කරන්න ඕනේ.
  • ලූණු යන්තමින් මෘදු වී ගෙන එනකොට ඒකටම අමු මිරිස් ටික දාලා මිශ්‍ර කරන්න.
  • ලූණු හරි ගානට බැදුනට පස්සේ කලින් ගැඹුරු තෙලේ බැද ගත්තු හාල්මැස්සෝ ටික දා ගන්න.
  • ඒකටම රස අනුව ලුණුයි කෑලි මිරිසුරි දාලා හොදට හැදි ගාලා කලවම් කරන් ලිපෙන් බා ගන්න.

වැදගත්:
  • කැමති නම් මාළු මිරිස් කරලක් දෙකක් වුණත් එකතු කරන්න පුළුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ:
 මේ හීනියට ලියා ගත්ත රටලූණු..

මේ විදියට අල පොඩියට කපා ගන්න ඕනෙ.

මෙන්න තියෙනවා ඕන කරන අනිත් දේවල් වලින් ටිකක්, රම්පේ, කරපිංචා සහ අමු මිරිස්. කැමතිනම් තක්කාලි  ගෙඩියකුත් ගන්න පුලුවන් ඕන්.

මේ තියෙන්නේ ගැඹුරු තෙලේ බැදන් තෙල් බේරෙන්න පැත්තකින් තියපු හාල්මැස්සෝ ටික.

මේ තියෙන්නෙ ඔය ඔක්කොම දේවල් දාලා හදාගත්ත අපේ රසම රස හාල්මැස්සෝ බැදුම.
දැන් ඉතින් එහෙන් මෙහෙන් ඇන ඇන එක එක කනවා එහෙම නෙමෙයි!

wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment