- බිත්තර 8යි
- පොල් කිරි කොප්ප 1.5 (මිටි කිරී
- හකුරු බෑ 1.5 (ගිරයකින් හීනියට ලියා ගන්න )
- කජු
- වැනිලා
- සාදික්කා කුඩු
- කරදමුන්ගු
සාදාගන්නා ආකාරය
- මුලින් පොල් කිරි වලට හකුරු දමා බ්ලෙන්ඩ් කර පෙරා ගන්න
- ඉන්පසු බිත්තර වෙනම බ්ලෙන්ඩ් කර පෙරා ගන්න
- දැන් මෙම මික්ස් 2 ම එකට දමා හොදට බ්ලෙන්ඩ් කර ගන්න.
- එයට සාදික්ක කුඩු,වැනිලා සහ තලා ගත් කරදමුංගු දාන්න.
- දැන් ග්ලාස් හෝ ඇල්මුනියම් භාජනයක් ගෙන බටර් ගා මෙම මික්ස් එක දාන්න.එයටම කජුත් එකතු කරන්න.ෆ්‍රොයිල් පේපර් එකකින් වහලා පොඩි සිදුරු කීපයක් කරන්න.
- ඉන්පසු උනු වතුර භාජනයක් උඩ මෙය තබා වසා විනාඩි 45 ක් හොඳින් ස්ටීම් කර ගන්න.
- එලියට ගෙන නිවෙන්න හැර වටේ පිහියක් වැනි දෙයක් දමා බුරුල් කර ,පුඩින් එක උඩින් පිගානක් තබා එක වර අනිත් පැත්ත හරවන්න.
ලිපිය ලිව්වේ: Amali Chandima මහත්මිය.