About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Potato with Carrot Curry - අල මිශ්‍ර කැරට් කරියක්

රසම රස අල මිශ්‍ර කැරට් කරියක් හදාගන්න විදිහ තමා දැන් ඔයාලට කියලා දෙන්න යන්නෙ. අපේ අම්මනම් නිතරම හදන…
Potato with Carrot Curry - අල මිශ්‍ර කැරට් කරියක්

රසම රස අල මිශ්‍ර කැරට් කරියක් හදාගන්න විදිහ තමා දැන් ඔයාලට කියලා දෙන්න යන්නෙ. අපේ අම්මනම් නිතරම හදනවා. ඔයාලත් ගොඩක් වෙලාවට හදනවා ඇතිනෙ. බලන්නකෝ මේකෙන් මොනවා හරි ඇරගෙන ඔයාලගේ අල, කැරට් කරිය තවත් රසවත් කරගන්න පුලුවන් වෙයිද කියලා. මේ විදිහට හදලා නැති අය හදලා බලන්නකෝ මේකේ රස.


අවශ්‍ය දෙවල්:
  • කපා ගත් කැරට් ටිකක්
  • පොඩියට කපා ගත් අල ටිකක්
  • කපා ගත් ලුනු, අමුමිරිස් හා කරපිංචා
  • තලා ගත් සුදුලුනු ටිකක්
  • කහ, අමුතුනපහ කුඩු. අබ පවුඩර් ටිකක් හා ගම්මිරිස් කුඩු ටිකක්
  • රස අනුව ලුණු
  • අබ ඇට ටිකක්
  • කුරුදුපොතු කැලි 2-3
  • පොල් කිරි ටිකක්

සාදාගන්නා ආකාරය:
  • මුලින් කැරට් හා අල කපා එකට මිශ්‍ර කර ගන්න.
  • පසු එයට කහ, අමුතුනපහ, ගම්මිරිස් කුඩු දමා හොදින් කලවම් කර ගන්න.
  • දැන් භාජනයක් ලිපේ තියා එයට තෙල් ටිකක් දමා රත් වු පසු අබ ඇට, කුරුදුපොතු හා සුදුලුනු දමා බැදෙන්නට හරින්න.
  • පසු ලුනු, අමුමිරිස් හා කරපිංචා දමා බැදෙන්නට හැර එයට කැරට් මිශ්‍රණය දමා හොදින් කලවම් කර, ටික වේලාවක් තෙලෙන්ම කැරට් හා අල ටික බැදෙන්නට හරින්න.
  • පසු එයට අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා වසා කැරට් හා අල ටික සෝප්ට් වනතුරු උයා ගන්න.
  • කැරට් එකේ වතුර ගතිය හිදි ගියාට පසු එයට අබ පවුඩර් ටිකක් වැඩිපුර දමා හොදින් කලවම් කර, අන්තිමට පොල් කිරි චුට්ටක් දමා, කරිය හිදෙන්න හැර ලිපෙන් ඉවතට ගන්න.
 


 

ලිපිය ලිව්වේ: Kanchana Joseph මහත්මිය.
මුල් ලිපිය මෙතනින් බලන්න පුලුවන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment