About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mung Beans Sprouts - පැළ කරගත් මුං ඇට බැදුම

මුං ඇට පැළ කරලා ඉව්වම පෝෂ්‍ය ගුණය ඉහලයි එවගේම ගොඩක් රසයි. මේ රෙසිපි එක ඉගෙන ගත්තේ මගේ අම්මා ගෙන් ඒව…
Mung Beans Sprouts - පැළ කරගත් මුං ඇට බැදුම

මුං ඇට පැළ කරලා ඉව්වම පෝෂ්‍ය ගුණය ඉහලයි එවගේම ගොඩක් රසයි. මේ රෙසිපි එක ඉගෙන ගත්තේ මගේ අම්මා ගෙන් ඒවගේම කියන්න ඕනි මේ විදිහට හදලා අපේ ගෙදරදි ඇරෙන්න වෙන කිසිම දිහාවකදි කාලනම් නැහැ. දැන් බලමු හදන විදිහ. මුං ඇට ටික පැලවෙන්න නම් පැය 12ක් හෝ ඊට වැඩි කාලයක ගතවෙනවා නමුත් බැදුම නම් ඉක්මනින් හදාගන්න පුලුවන් හරිම ලේසියි. ලංකාවේ සුපිරි වෙළෙඳ සැල්වලින් පැළ කළ මුංඇට ගන්න පුලුවන් නමුත් එවාගේ අංකුර ප්‍රමාණය වැඩි එනිසා රස අඩුයි.


අවශ්‍ය දේවල්:
  • මුංඇට කොප්ප 2ක්
  • උම්බලකඩ
  • ලූනු
  • අමුමිරිස්
  • අවශ්‍ය නම් සුදුලූනු
  • එනසාල් ඇට හතරක්
  • කරාබු නැටි දෙකක්
  • කුරුදු පොතු කැබැල්ලක්
  • කරපිංචා
  • රම්පෙ
  • මිරිස් කුඩු තේ හැදි භාගයක්
  • කහ තේහැදි භාගයක්
  • කෑලි මිරිස් මේස හැදි දෙක හමාරක්
  • රස අනුව ලුණු
  • තෙල්

සාදාගන්නා ආකාරය:
  • මුංඇට කොප්ප 2ක් වතුරෙ දාලා පැය හයක් විතර පොගවගෙන වතුර පෙරලා අයින් කරලා වහලා තියන්න. පැය හතරක් වගෙ යන කොට මුංඇට වලින් පොඩි අංකුරයක් එනවා එහෙම ආවට පස්සෙ මුංඇට ටික වතුරට දාලා අතින් පෙරලමින් සෝදන්න. එවිට පොත්ත ගැලවෙනවා මුංඇට සිල්ලේම. පොතු යැවීම අනවශ්‍යි. ටිකක් යැවුවාම ඇති දැන් වතුර පෙරලා පැය දෙකක් පමණ නැවත වසාතබන්න වසා තබන්න එතකොට වතුර ගතිය නැති වෙනවා.
  • භාජනයක් ලිපේ තියලා තෙල් මේස හැදි දෙකක් (සාමාන්‍යයෙන් බැදුමක් හදනකොට දානවට වඩා පොඩ්ඩක් වැඩිපුර) දාගන්න. රත් වෙනකොට එනසාල්, කරාබු නැටි, කුරුදු, ලූනු, අමුමිරිස්, උම්බලකඩ, රම්පෙ, කරපිංචා පිලිවෙලින් දාගන්න.
  • ඒවා බැදීගෙන එනකොට මුංඇට ටික දාලා කවලම්කරගන්න.
  • දැන් කහ, මිරිස් සහ ලුනු දාලා කවලම්කරගන්න. නමුත් කෑලි මිරිස් දාන්න එපා. කෑලි මිරිස් දාන්නෙ අවසානෙට. නිතර කවලම්කරන්න එපා. තෙත ගතිය හිදිලා මුංඇට බැදෙන්න විනාඩි 15ක් 20ක් වගේ යනවා.
  • දැන් කෑලි මිරිස් දාලා තවත් විනාඩි 5ක් වගේ තියලා ලිපෙන් බාගන්න.

වැදගත්:
  • විවිධ රටවල දේශගුණය අනුව මුංඇට පැලවෙන්න යන කාලය වෙනස් වෙනවා. උණුසුම් දේශගුණයකදි ඉක්මනින් පැලවෙනවා.

පල්ලෙ තියෙන පොටෝ ටිකත් බලන්නකෝ:

 අංකුර ආපු මුං ඇට ටික වතුරට දාලා අතින් පෙරලමින් සෝදන්න. එවිට පොත්ත ගැලවෙනවා. මුංඇට සිල්ලේම පොතු යවන්න ඕන නෑ.

 පස්සෙ වතුර පෙරලා පැය දෙකක් පමණ නැවත වසාතැබුවා. මේ ඊට පස්සෙ.

 භාජනයක් ලිපේ තියලා තෙල් මේස හැදි දෙකක් දාගත්තා. රත් වෙනකොට එනසාල්, කරාබු නැටි, කුරුදු, ලූනු, අමුමිරිස්, උම්බලකඩ, රම්පෙ, කරපිංචා පිලිවෙලින් දාගත්තා.

 බැදීගෙන එනකොට මුංඇට ටික දාලා කවලම්කරගත්තා. පස්සෙ කහ, මිරිස් සහ ලුනු දාලා කවලම්කරගත්තා.

 ටිකකින් කෑලි මිරිස් කුඩු ටික දැම්මා. (පොටෝ එකනම් ටිකක් අදුරුයි)

 ඔන්න හරි. මේ තියෙන්නේ හදාගත්ත එක.




ලිපිය ලිව්වේ: Thilini Gayathri Muthunayaka‎ මහත්මිය.
මුල් ලිපිය මෙතනින් බලාගන්න පුලුවන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment