About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Hingurala Curry - හිඟුරල ව්‍යාංජනය

හිඟුරල කාලා තියෙන කෙනෙක්ම තමා දන්නේ හිඟුරල වල තියෙන රස. හැබැයි හිඟුරල සුද්ද කරන්නේ පරෙස්සමින්. හිඟු…
Hingurala Curry - හිඟුරල ව්‍යාංජනය

හිඟුරල කාලා තියෙන කෙනෙක්ම තමා දන්නේ හිඟුරල වල තියෙන රස. හැබැයි හිඟුරල සුද්ද කරන්නේ පරෙස්සමින්. හිඟුරල සුද්ද කරද්දී අත කහනවා ඒකයි. පොලිතින් කවරයක් වගේ අතට දාගෙන සුද්ද කරන්න. එතකොට හරි.

 
අවශ්‍ය දේවල්:
  • හිඟුරල
  • රතු ලූනු
  • අමු මිරිස්
  • රපින්චා, රම්පෙ
  • උලුහාල්
  • කහ කුඩු
  • තුන පහ කුඩු
  • අවශ්‍ය නම් මිරිස් කුඩු චූට්ටක්
  • දිය කිරි
  • ලුනු
  • මිටිකිරි

සාදාගන්නා ආකාරය:
  • හිඟුරල ටික සුද්ද කර හොඳින් සෝදා කෑලි කපා ගන්න.
  • ඒකට රතු ලූනු, අමු මිරිස්, කරපින්චා, රම්පෙ, උලුහාල්, කහ කුඩු, තුන පහ කුඩු (අවශ්‍ය නම් මිරිස් කුඩු චූට්ටක්) සහ දිය කිරි දමා ලිපේ තබන්න.
  • අල හොඳින් තැම්බුනු පසු රස අනුව ලුනු දමන්න.
  • මිටිකිරි ටිකක් එකතු කර උයා ගන්න.

වැදගත්:
  • අල තැම්බුනාට පසු ලුණු එකතු කරන්න. නැත්නම් අල තැම්බෙන්න ගොඩාක් වෙලා යනවා.
 මේ තියෙන්නේ හිඟුරල. ඇගිලි වගේ තමා අලේ හැඩේ.


ලිපිය ලිව්වේ: Piumi Thanaweera Arachchi මහත්මිය.
මුල් ලිපිය ඕනනම් මෙතනින් බලන්න.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment